දෙවරක් ලෝක ශූර පදක්කම් දිනූ ඉන්දීය රෙස්ලින් ක්‍රීඩිකා විනේෂ් ෆෝගාට් විශ්‍රාම යන බව අද (08) නිවේදනය කළා.
2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා කිලෝග්‍රෑම් 50 මල්ලවපොර අවසන් තරගයෙන් ඇයව ඉවත් කිරීමත් සමඟ ඇය මෙම තීරණ ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඇයගේ සමුගැනීම සටහන් කරමින් සිය X ගිණුමේ ඇය මෙලෙස සටහන් කර තිබුණා.
“Wrestling won match against me, I lost… Your dreams and my courage are shattered. I don’t have any more strength now. Goodbye Wrestling 2001-2024. I will forever be indebted to all of you. Sorry”.