Latest News

උතුරු කොරියානු යුධ නැවක් දියත් කිරීමේදී අවාසනාවන්ත සිදුවීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

උතුරු කොරියා යුද නැවක් දියත් කිරිමේ දී විනාශ වී ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

මෙය බරපතළ අනතුරක් බවත් ඉවසිය නොහැකි සාපරාදි ක්‍රියාවක් බවත් නැව දියත් කිරිමේ අවස්ථාවට එක්වු උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් පවසනවා.

ටොන් 5,000 බැරැති නෞකාවේ පතුලේ කොටස් පිපිරීයාමෙන් එහි සමබරතාව ගිලි හී ගිය බව වාර්තා වනවා.

දියත් කිරිමේ අවස්ථාවට සහභාගී වු උතුරු කොරියා නායක කිම් ජොන් උන්ග් පවසා ඇත්තේ මෙය ජාතියේ ගෞරවයට හා අභිමානයට දැඩි ලෙස හානි කළ සිදුවීමක් බවයි.

ලබන මාසයේ පැවැත්වෙන ප්‍රධාන පක්ෂ රැස්වීමකට පෙර නෞකාව යථා තත්ත්වයට පත් කරන ලෙසත් නෞකාව නිර්මාණය කළ අය මීට වගකිව යුතු බවත් ඔහු පවසා තිබෙනවා.

ඔවුන්ට දෙන දඬුවම කුමක් ද යන්න මෙතෙක් හෙළිකර නැති අතර මෙම සිද්ධියෙන් ජිවිත හානි හෝ තුවාල සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today