Latest News

72 වන ලෝක රූ රැජින තරගයේ දී අනුදිගෙන් වාර්තාවක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

72 වන ලෝක රූ රැජින තරගයේ Head to Head අභියෝගයේ ආසියාවේ ඉහළම 5 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින අනුදි ගුණසේකරට හැකි ව තිබෙනවා.

මෙම විශිෂ්ට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත් මෙන් ම ඓතිහාසික වන්නේ ලෝක රූ රැජිණ තරගයක දී Head to Head අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇය වීම නිසාවෙන්.

මෙම වසරේ Head to Head සහ Talent වට දෙකෙහිම අවසන් වටයට සුදුසුකම් ලැබූ ආසියාවේ එකම තරගකාරිය බවට ද අනුදි ගුණසේකර පත්වෙමින් වාර්තාවක් තැබීමට ද සමත් වුණා.

අද (23) ඇය අවසන් මහා තරගයට මුහුණ දෙන්නේ සමස්ත ශ්‍රී ලංකාවේ ආශිර්වාදය හා සුබ පැතුම් මධ්‍යයේයි.

World News

Send your contact Details Today