Latest News

අයිස් කුණාටුවක් ගැන අනතුරු ඇඟවීමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයට ලබන සතියේ අයිස් කුණාටුවකට මුහුණදීමට සිදුවනු ඇතැයි එරට කාලගුණ අංශ අනතුරු අගවනවා.

ඒ අනුව කඳුකර ප්‍රදේශවල තද සුළං, වැසි සහ හිම පතනයන් ඇති විය හැකි බවටයි අනාවැකි පළ වන්නේ.

මෙම කුණාටුවෙන් ටස්මේනියාව, වික්ටෝරියාව, දකුණු New South Wales , ACT සහ දකුණු ඔස්ට්‍රේලියාවට මින් දැඩි බලපෑම් එල්ල වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

මේ අතර වික්ටෝරියා සහ ටස්මේනියාවේ කඳුවැටි හා වෙරළ ප්‍රදේශවල 100 km/h ක පමණ සුළං වේගයක් වාර්තා විය හැකි බවයි කාලගුණ වාර්තා පවසන්නේ.

එමෙන්ම වික්ටෝරියා සහ New South Wales හි කඳුවැටි ප්‍රදේශ සඳහා ද තද හිම වැසි ඇතිවිය හැකි අතර කැන්බරා සහ ටස්මේනියාවට 50 cmක පමණ හිම පතිත විය හැකි අතර වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට 10 mm ක පමණ වැසි ද අපේක්ෂා කෙරෙන බවත් සඳහන්.

World News

Send your contact Details Today