කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාරපාන අංශයේ (මධ්යසම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවා.
එහිදී කැල්ටන් සමූහය නියෝජනය කරන මූල්යි සහ තොරතුරු තාක්ෂණ අධ්යකක්ෂදේශමාන්ය් මහේෂ් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනැමුණා.
1991දී ඇරැඹුණු කැල්ටන් ස්වීට් හවුස් සමාගම වසර 30ක් පුරා ශ්‍රී ලංකාවේ, විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ, ආහාරපාන සේවා සැපයුම්කරුවෙකු ලෙස කීර්තිමත් නමක් දිනා සිටිනවා.
කැල්ටන් හයිපර් මාර්කට්, කැල්ටන් ඩිස්ට්‍රිබියුටර්ස්, කාන්ති ඩිස්ට්‍රිබියුටර්ස්, කැල්ටන් කේටරින්,C7 by Calton එම සමූහයට අනුබද්ධ අනෙකුත් ආයතනයි.
උසස් තත්ත්වයේ ආහාරපාන නිපදවමින් සහ බෙදාහරිමින් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් සපයන එම ආයතනය යුනිලීවර්, පිරමිඩ් විල්මා, අප්ෆීල්ඩ් වැනි ප්රරධාන සමාගම් සමඟ හවුල්කාරිත්ව ඇති කර ගෙන තිබෙනවා.
කැල්ටන් ස්වීට් හවුස් සමාගම කේක්, බේක් කළ ආහාර, කෙටි ආහාර, අර්ධ වශයෙන් සැකැසූ පළතුරු ආශ්රිධත නිෂ්පාදන, පිසූ ධාන්යන වර්ග සහ ශීත කළ බේකරි ආහාර ඇතුළු පුළුල් පරාසයක විහිදී ඇති නිෂ්පාදන සැකැසීම සහ බෙදා හැරීම පිළිබඳ විශේෂඥතාවක් දක්වනවා.
මීගමුව, කටුනායක, කටුනේරිය, දිවුලපිටිය, ජාඇළ, කොච්චිකඩේ, වන් ගෝල් ෆේස් වෙළෙඳ සංකීර්ණය, කටුනායකගුවන්තොටුපොළ ඇතුළු ස්ථාන රැසක අලෙවිසැල් 20කට වැඩි සංඛ්යාවවක් ඇති එම සමාගමISO 22000, HACCP, GMP, ISO 9001, ISO 14001 ආදී තත්ත්ව සහතික රැසක් දිනාගෙන තිබෙනවා.
දෙස් විදෙස් ආහාර සුරක්ෂිතතා සහ ගුණාත්මක ප්‍රමිතිවලට අනුව ආහාරපාන නිපදවන එම සමාගම ආහාරවල රසය සහ පෝෂණ ගුණය රැකෙන පරිදි ආරක්ෂිතත ලෙස ඇසුරුම් කිරීමටත්, බෙදා හැරීමටත් වග බලා ගන්නවා.
සේවකයන් හතර දෙනෙකුගෙන්1983දී ඇරැඹුණු කැල්ටන් සමූහ ව්යාමපාරයවර්තමානයේදී සේවකයන් 300කගෙන් පමණ සමන්විත විශ්වාසනීය සන්නාමයක් වී තිබෙනවා.
පාරිභෝගිකයන්ගේඅවශ්ය1තා සැපිරීම සිය දැක්ම කර ගත් එම සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පිරිනමන විශිෂ්ටතා සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.