Latest News

ට්‍රම්ප්ගේ තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කරයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් ‘ගෝල්ඩන් ඩෝම්’ නැමැති අති නවීන මිසයිල ආරක්ෂක සැලැස්ම එළිදක්වා තිබෙනවා.

මෙම සැලැස්ම සඳහා මූලික අරමුදල් ලෙස ඩොලර් බිලියන 25ක් වෙන් කර තිබුණ ද ව්‍යාපෘතිය අවසන් වන විට ඩොලර් බිලියන 175ක් පමණ වැය වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දි ට්‍රම්ප් ලබා දුන් පොරොන්දුවක් අනුව සිදු කෙරෙන මෙම ආරක්ෂක සැලැස්ම වසර තුනකින් පමණ ක්‍රියාත්මක වනු ඇති.

තම රට ප්‍රහාරවලින් ආරක්ෂා කිරීම සඳහා‍ ලොව ඕනෑම ස්ථානයක සිට දියත් කෙරෙන මිසයිල වලට ප්‍රහාර එල්ල කිරීමට මෙම පද්ධතිය හරහා හැකියාව පවතින බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ.

World News

Send your contact Details Today