තායිලන්තයේ ව්‍යාප්ත වී ඇති කොවිඩි වෛරසයේ ඔමික්‍රොන් XEC ප්‍රභේදය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ නව ඔමික්‍රොන් ප්‍රභේදය දැඩි නිරීක්ෂණයකට ලක් කිරීමට ද තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
පසුගිය ජනවාරි 1 සිට මේ මස 14 දක්වා කාලය තුළ එරට කොවිඩ් ආසාදිතයන් 71,067ක් හඳුනා ගෙන ඇති අතර, එය ඔමික්‍රොන් XEC ප්‍රභේදය බව තායිලන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
එම ප්‍රභේදය පසුගිය ජනවාරි හා පෙබරවාරි මාසවලදී හඳුනාගත් කොවිඩ් නව ප්‍රභේදය බවත්, සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාවට උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වනවා.
නිරතුරුවම රෝග ලක්ෂණ නිරීක්ෂණය කරන ලෙස ද බලධාරීන් සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති අතර, ජනාකීර්ණ ස්ථානවලදී මුඛ ආවරණ පළඳින ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා.
පසුගිය වසරේ ජූනි මාසයේදී ජර්මනියෙන් පළමුවරට හඳුනාගත් ඔමික්‍රොන් XEC ප්‍රභේදය වේගවත් ආකාරයෙන් සම්ප්‍රේෂණය වන බවත්, යුරෝපය, උතුරු අමෙරිකාව හා ආසියානු කලාපයේ රටවල් 15කින් දැනටමත් හඳුනාගෙන ඇති බවත් වාර්තා වනවා.
XEC ප්‍රභේදය අනෙකුත් ඔමික්‍රොන් උප ප්‍රභේදවලට වඩා 84-110%ක වේගයෙන් පැතිරෙන බව අමෙරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන් හා චීනයෙන් ලබාගත් දත්ත වාර්තාවලින් පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.