Latest News

රුසියාව විසින් යුක්‍රේනයට මෙතෙක් සිදු කළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුද්ධය ආරම්භයේ සිට රුසියාව යුක්‍රේනයට එල්ල කළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය ඊයේ (18) සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනුව රුසියාව යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යානා 273ක් භාවිත කරමින් ප්‍රහාර එල්ල කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් එම ප්‍රහාර වලින් එක් කාන්තාවක් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර දෙරට අතර තාවකාලික සටන් විරාමයක් සඳහා සිකුරාදා පැවැති සාම සාකච්ඡා ද අසාර්ථක වුණා.

එහෙත් සිරකරුවන් 1,000 බැගින් හුවමාරු කර ගැනීමට එහිදී එකඟ වී තිබෙනවා.

අද (19) දිනයේදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හා යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි සමග දුරකතනයෙන් සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා.

එවැනි සාකච්ඡාවකට පෙර මෙම ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today