Latest News

17 දෙනෙකුට දිවි අහිමි කළ හයිද්‍රාබාද් නගරයේ ගොඩනැගිල්ලක හටගත් ගින්න

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගින්නෙන් මියගිය පිරිස අතරට කුඩා දරුවන් අට දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු ඇතුළත්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හට ගන්නට ඇති බවටයි සැක පළකෙරෙන්නේ.

ගින්න පාලනය කිරීමට ගිනි නිවන කණ්ඩායම් 11ක් පමණ යෙදවීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ.

ගින්නට හසුව ජීවිතක්ෂයට හසුවූ පුද්ගලයින් එම ගොඩනැගිල්ලේ වාසය කළ අය බවද වාර්තා වනවා.

සිද්ධිය සැලවීමෙන් තමා දැඩි කනස්සල්ලට පත්වූ බවත් විපතට පත්වූවන්ට අවශ්‍ය සහන හැකි ඉක්මනින් ලබා දෙන බවත් , අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

හයිද්‍රාබාද් නගරයේ ඓතිහාසික චර්මිනාර් ස්මාරකය අසළ ගොඩනැගිල්ලකයි මෙම ගින්න හට ගෙන ඇත්තේ.

චර්මිනාර් ස්මාරකය 1591 වසරේදී ඉදිකර ඇති අතර එහි ඉහළ මහලේ වසර 425කට වැඩි කාලයක් ඉස්ලාම් පල්ලියක් පැවතුණා.

World News

Send your contact Details Today