Latest News

අමෙරිකාවේ බෘක්ලින් පාලමේ ගැටුණු මෙක්සිකානු නාවික හමුදා පුහුණු නෞකාව (VIDEO)

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙක්සිකානු නාවික හමුදා පුහුණු නෞකාවක් නිව්යෝර්ක් නගරයේ බෘක්ලින් පාලමේ ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි එම වාර්තාවල දැක්වෙනේ.

මෙම නෞකාව ඇමරිකාවේ සංචාරයක නිරත වෙමින් තිබිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මනෞකාවේ කුඹු ගස්වල කොටසක් පාලමේ ගැටී ඇති අතර, එලෙස ගැටුණු කොටස් නෞකාව තුළට කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ කාර්ය මණ්ඩලය 277කට ආසන්න පිරිසක් සිට තිබෙනවා.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කුඹගස් මත සිටගෙන සිටියදී එය පාලමේ ගැටී ඇති අතර, මෙම අනතුරින් බෘක්ලින් පාලමට කිසිදු හානියක් සිදුවී නොමැති බව නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් සඳහන් කළා.

World News

Send your contact Details Today