Latest News

වික්ටෝරියා ප්‍රාන්තයේ දරුවන්ට පොදු ප්‍රවාහනය නොමිලේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලබන වසරේ සිට දරුවන්ට පොදු ප්‍රවාහන සේවය නොමිලේ ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්තය සූදානම් වනවා.

ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට නොමිලේ ප්‍රවාහන සේවයේ ගමන් කළ හැකි වනු ඇති.

අයවැයට පෙර ජීවන වියදම් අඩු කිරීමේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි අගමැති ජසින්ටා ඇලන් පවසන්නේ.

මෙම පියවර පවුල් මත මූල්‍ය පීඩනය ලිහිල් කර එමඟින් ඩොලර් 755 ක් ඉතිරි කර ගත හැකි අතර, එය ශිෂ්‍ය පොදු ප්‍රවාහන අවසර පත්‍රයකට සමාන පිරිවැයක් බව අගමැතිනිය පෙන්වාදෙනවා.

අඟහරුවාදා එළිදැක්වීමට නියමිත 2025/26 වික්ටෝරියා අයවැයෙන් මීට අරමුදල් සපයනු ලබනවා.

ප්‍රාන්තයේ ට්‍රෑම් රථ, දුම්රිය, බස් රථ සඳහා ගමන් කිරීම ආවරණය කරන නව යොවුන් myki කාඩ්පතක් සඳහාද ළමයින් අයදුම් කළ යුතුවනවා.

මෙම යෝජනාව ලබන වසරේ ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.

එමෙන්ම ලබන වසරේ සිට සති අන්තවල වැඩිහිටියන්ට මුළු පොදු ප්‍රවාහන ජාලය හරහා නොමිලේ ගමන් කිරීම සඳහා සුදුසුකම් ලැබෙන බව ඊයේ වික්ටෝරියා රජය නිවේදනය කළා.

World News

Send your contact Details Today