Latest News

යේමනයේ වරායන් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යේමනයේ වරායන් දෙකකට ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

යේමනය ඇමෙරිකා එක්සත් ජනපදය සමග සටන් විරාමයකට එකඟවී දින කිහිපයකට පසුවයි හවුති කැරළිකරුවන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇත්තේ.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය යේමනයේ හොඩෙයිඩා සහ අස් සාලිෆ් වරායන් වෙත ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය යේමනයේ ත්‍රස්තවාදීන්ගේ යටිතල පහසුකම් විනාශ කිරීමේ අරමුණින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනවා.

මේ අතර යේමනයේ සානා අගනුවර බලය අත්පත් කරගෙන සිටින හවුති සටන්කාමීන් පලස්තීනුවන්ට සහ ගාසා තීරයට සහාය පළ කරමින් පසුගිය දා සහයෝගීතා රැළියක් ද සංවිධාන කර තිබුණා.

ඔවුන් එහිදී සඳහන් කර සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ අතපෙවීම් හෙළා දකින බවයි.

World News

Send your contact Details Today