Latest News

ඔබේ ජීවිතය කෙටි කරන කේක් සහ කුකී

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කේක්, කුකීස්, පෙර සැකසූ ආහාර සහ ඒ හා සමාන ආහාර විශාල ප්‍රමාණයක් අනුභව කිරීමෙන් අකල් මරණ අවදානම වැඩි විය හැකි බව සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

රටවල් අටක් යොදාගනිමිනුයි මෙම සමීක්ශණය සිදු කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාව, කැනඩාව, එක්සත් රාජධානිය , ඇමෙරිකා එක්සත් ජනපදය, කොලොම්බියාව, චිලී, මෙක්සිකෝව සහ බ්‍රසීලය යන රටවලින් ලබා ගත් අධි සැකසුම් ආහාර (UPF) මේ සදහා යොදා ගෙන තිබෙනවා.

එම තොරතුරු බ්‍රසීලයේ ඔස්වල්ඩෝ කෲස් පදනමේ (FIOCRUZ) ආචාර්ය එඩුවාඩෝ නිල්සන් ප්‍රධානත්වය දරන කණ්ඩායමක් විසින් විශ්ලේෂණය කර තිබූ බවයි වාර්තා වල සඳහන් වුණේ.

මෙම අධ්‍යයනය මගින් අධි සැකසුම් ආහාර අඩුවෙන් අනුභව කිරීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා ආහාර උපදෙස් ලබා දෙන ලෙස විශේෂඥයින් රජයන්ගෙන් ද ඉල්ලා සිටිනවා.

2022 ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, බ්‍රසීලයේ වැඩිහිටියන්ගෙන් අඩක් අධිබරින් යුක්ත වන අතර හතරෙන් එකක් ස්ථූලතාවයෙන් යුක්ත වනවා.

ඔවුන්ගේ ගණනය කිරීම් මත පදනම්ව ගත් කල අධි සැකසුම් ආහාර නිසා ඇති වන අකල් මරණ කොලොම්බියාව වැනි අධි සැකසුම් ආහාර අඩුවෙන් පරිභෝජනය කරන රටවල 4% පමණ වී තිබෙනවා.

එක්සත් රාජධානියේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ 14% දක්වා පරාසයක පවතින බව අධ්‍යයනයෙන් හෙළි ව තිබුණා.

World News

Send your contact Details Today