Latest News

ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛ පෙළ පිතිකරුවෙකුට වසර 05 තරග තහනමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛ පෙළ පිතිකරු Ihsanullah Janat හට වසර පහක තරග තහනම් සිදු කර තිබෙනවා.

ඒ කාබුල් ප්‍රිමියර් ලීග් (KPL) 2 වන අදියරයේදී ACB සහ ICC දූෂණ විරෝධී සංග්‍රහයන් උල්ලංඝණය කිරීම හේතුවෙන්.

ICC දූෂණ විරෝධී සංග්‍රහයේ 2.1.1 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වී ඇති අතර, එයට අනිසි බලපෑම් හෝ තරඟයක ප්‍රතිඵලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් ඕනෑම අංගයක් නිවැරදි කිරීමට උත්සාහ කිරීම ඇතුළත්.

ඒ අනුව මෙම උල්ලංඝණය කිරීම හේතුවෙන් ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම්වලින් වසර පහක තහනමක් පනවා තිබෙනවා.

Ihsanullah Janat එම චෝදනා පිළිගෙන ඇති අතර ඔහු දූෂිත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවටද පාපොච්චාරණය කර තිබෙනවා.

තරග පාවාදීම්වලට සම්බන්ධ බවට තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ද සැකපිට සිටින බව ACB දූෂණ මර්දන ඒකකය (ACU) අනාවරණය කරගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවට වාර්තා වෙනවා.

ඔවුන්ගේ වරද තහවුරු කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධවද තීරණ ගනු ඇති බවද සඳහන්.

World News