කාශ්මීරයේ සංචාරකයින් ඉලක්ක කර පෙහෙල්ගාම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය නිල වශයෙන් ඉන්දියාවට දැනුම් දී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඇෆ්ගනිස්තානයේ වැඩබලන විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුටාකි මේ බව පවසා ඇති බවයි.
කෙසේවෙතත් ඉන්දියාව මෙතෙක්, ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය නිල වශයෙන් පිළිගෙන නැහැ.
එමෙන්ම 2021 වසරේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලනය අල්ලා ගැනීමෙන් අනතුරුව දෙරට අතර පැවැති පළමු අමාත්‍ය මට්ටමේ සාකච්ඡාව ද මෙයයි.
එම දුරකතන සංවාදයෙන් අනතුරුව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැවසුවේ ඇෆ්ගන් පාලනය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය හෙලා දැකීම ඉතා අගය කරන බවයි.