Latest News

යාල ජාතික වනෝද්‍යානයේ මින් පෙර ඔබ නුදුටු කලාපයක් විවෘත කරයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයින් සඳහා විවෘත කිරීමට ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ අරංගමුව නමින් නව කලාපයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.

දැනට වසා දමා ඇති කලාප තුන සහ හතර ද නැවත විවෘත කරන බව ද ඔහු තවදුරටත් පැවසුවා.

පරිසර අමාත්‍යවරයා පැවසුවේ එම කලාප ඉක්මනින් විවෘත කරන බවත් අවශ්‍ය පහසුකම් සකස් කරමින් පවතින බවයි.

යාල ජාතික වනෝද්‍යානයේ වාර්තා වන අධික සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු සඳහන් කළා.

යාල ජාතික වනෝද්‍යානයේ හෙක්ටයාර 100,000 න් හෙක්ටයාර 25,000 ක් පමණක් සංචාරකයින් සඳහා විවෘතව පවතිනවා.

එය පිවිසුම් 06 ක් සහිත කලාප 06 කින් සමන්විත වනවා.

World News

Send your contact Details Today