Latest News

UAE විසින් ට්‍රම්ප්ට මතක හිටින සම්මානයක් දෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා.

ඒ ඔහුගේ මැදපෙරදිග සංචාරයේ තුන්වන සහ අවසාන නැවතුම ලෙස ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ එරට ජනාධිපති වන ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහීයන් හමුවූ අවස්ථාවේදීයි.

එහිදී ඉදිරි වසර 10 තුළ ඩොලර් ට්‍රිලියන 1.4ක මුදලක් අමෙරිකාවේ ආයෝජනය කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා දැනුම් දුන්නා.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් ඩුබායිහි පිහිටි ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆාහි ඇමරිකානු ධජය සුදු සහ නිල් පැහැයෙන් ප්‍රදර්ශනය කිරීමටයි පියවර ගෙන තිබුණේ.

World News

Send your contact Details Today