Latest News

Smart Watch වල ඇති විෂ සහිත දෙයක් ගැන අනතුරු ඇඟවීමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Smartwatch Band (ස්මාර්ට් වොච් පටිය) තුළ තිබෙන විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් මිනිස් ශරීරයට ඇතුලු විය හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මෙම පටි Fluoroelastomers (කෘතිම රබර් වර්ගයක්) වලින් සාදන ලද අතර එය තුළ ඉහළ මට්ටමේ Perfluorohexanoic Acid අඩංගු වනවා.

PFAS (රසායනික පවුලේ සාමාජිකයෙක්) වන අතර ඒවා “සදාකාලික රසායනික ද්‍රව්‍ය” ලෙසද හැඳින්වෙනවා.

ඒවා පරිසරයේ සහ මිනිස් සිරුරට ඇදගන්නා අතර පසුව සිරුර තුළදී ඒවා විනාශවීමක් සිදුනොවන බවයි පර්යේශකයින් පෙන්වා දෙන්නේ.

ඒ තුළින් පිළිකා, වඳභාවය සහ අධි රුධිර පීඩනය ඇතුළු බරපතල සෞඛ්‍ය ගැටළු හටගත හැකි බවද අනාවරණ කර තිබෙනවා.

දහඩිය, තාපය සහ රුධිර ප්‍රවාහය වැඩි වීම මගින් සමට මෙම පටියේ තිබෙන ද්‍රව්‍ය අවශෝෂණය වැඩි කළ හැකි අතර, කාලයත් සමඟ සෞඛ්‍ය අවදානම් වැඩි කළ හැකි වන බවයි සමීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම අවදානම අඩු කිරීම සඳහා, සිලිකන්, රෙදි හෝ සම් වැනි විකල්ප ද්‍රව්‍ය වලින් සාදන ලද Wristbands තෝරා ගන්නා ලෙස නිර්දේශ කරන බවයි.

World News

Send your contact Details Today