Latest News

Paris 2024 Olympics: ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් අහිමිවෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙවර ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා අවසන් නියෝජනය සනිටුහන් කරමින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගය සඳහා අද (07) සහභාගී වුණා.

එහිදී ඇය මූලික වටයේ තරගවලින් 16 වැනි ස්ථානය හිමිකර ගත් අතර ඇය දැක්වූ උපරිම දක්ෂතාවය 53.66m ක්.

ඒ අනුව ඇයට ඔලිම්පික් වරම් අහිමි වී යනවා.

දිල්හානි ලේකම්ගේ ලෝක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතුරින් මේ වන විට 25 වැනි ස්ථානයේ පසුවෙනවා.

ඔලිම්පික් පැමිණි ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූ 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ මේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන තෙවැනි ඔලිම්පික් ක්‍රීඩිකාව ද වෙනවා.

කෙසේ වෙතත් මීට මාස දෙකකට පෙර කොරියාවේදී පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනාගනිමින් මීටර් 57.94ක් දුර හෙල්ල විසි කළ දිල්හානි මාස 10කට පෙර චීනයේ හැන්ග්ෂූහි පැවති ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 61.57ක දක්ෂතාවකින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ ආසියානු රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් වුණා.

World News

Send your contact Details Today