Latest News

සිරියාවේ ත්‍රස්ත නායකයෙකු ට්‍රම්ප් මුහුණට, මුහුණ හමුවෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවේ ත්‍රස්ත නායකයෙකු බවට පත් ව සිටි අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා හමු වුණා.

CNN මාධ්‍ය වාර්තා කරන්නේ, නායකයින් දෙපළ හමු වූ විගස ට්‍රම්ප්ගෙන් සිරියානු නායකයා වෙත ප්‍රශංසා හිමි ව ඇති බවයි.

පසුගියදා වසර 53කට පසුව අමෙරිකාව විසින් සිරියාවට පනවන ලද සම්බාධක ඉවත් කරනු ලැබුවා.

පෙර රජයන් විසින් සිරියානු පාලනය හැඳින්වූයේ පාතාල රාජ්‍යයක් ලෙසයි.

සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා හමුවීම ලෝක දේශපාලනයේ සංධිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ.

1979 දී සිරියාවට එරෙහිව පැනවීමට පටන් ගත් පුළුල් සම්බාධක ඉවත් කිරීමෙන් දිනකට පසු, සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ ඉල්ලීම පරිදි මෙම රැස්වීම රියාද්හි දී සිදු වූ බවයි වාර්තා වන්නේ.

යුද්ධයෙන් විනාශ වූ සිරියාව සමඟ “හොඳ කාර්යයක් කිරීමට සැබෑ අවස්ථාවක්” අල්-ෂාරාට ඇති බව යෝජනා කර තිබෙනවා.

ඔහු හිටපු ත්‍රස්තවාදී නායකයා “ඉතා ශක්තිමත්” අතීතයක් සහිත “තරුණ, ආකර්ෂණීය, දැඩි පුද්ගලයෙක්” ලෙස ද මාධ්‍ය වෙත හඳුන්වා තිබෙනවා.

World News

Send your contact Details Today