රුපියල් ලක්ෂ 10 ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ වාලම්පුරි 02ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 26 ත් අතර වයස්වල පසුවන ඇල්පිටිය, බදුගිරිය සහ හම්බන්තොට ප්රදේශවල පදිංචිකරුවන්.
ඊයේ එනම් 2025.05.14 සවස් කාලයේ ජාඇළ නගරයේදී ජාඇළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලීසිය පැවසුවා.
ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.