Latest News

සියලුම සංක්‍රමණිකයන්ට අනිවාර්ය දෙයක් ගැන බ්‍රිතාන්‍ය අගමැති කියයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සියලුම සංක්‍රමණිකයන්ට ඉංග්‍රීසි අනිවාර්ය බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer පවසනවා.

ඔහු සදහන් කරන්නේ මෙම නීතිය ඉදිරියේදී නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

මෙහි අරමුණ වන්නේ සමාජය සමඟ වඩා හොඳින් ඒකාබද්ධ වීම සහ රැකියා අවස්ථා සදහා මාර්ග සකස් කිරීමයි.

විදේශික පදිංචිකරුවන්, Staff visa සහ family visa අයදුම්කරුවන්ට මෙම නීතිවලින් බලපෑම් එල්ල වන වනු ඇති.

ගෝලීය වීසා කප්පාදු කිරීමේ වැඩපිලිවෙලක් migration and long-term travel කළමනාකරණය කිරීම යටතේ රටවල් විසින් සිදු කරන අතර එක්සත් රාජධානිය ද දැඩි නීති ක්‍රියාත්මක කරන ජාතීන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට එක්ව තිබෙනවා.

එක්සත් ජනපදය, බ්‍රසීලය, කැනඩාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, පෝලන්තය සහ වෙනත් රටවල මෑත කාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, එක්සත් රාජධානිය නිර්ණායක අනුගමනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනූව limit low-skilled migration සීමා කරන අතර domestic labor needs සදහා ප්‍රමුඛත්වය දෙන දැඩි නව වීසා ප්‍රතිපත්ති එළිදක්වා තිබෙනවා.

මෙම ප්‍රතිසංස්කරණ මගින් ඉහළ යන සංක්‍රමණ සංඛ්‍යා පාලනය කිරීම, family visa අඩු කිරීම සහ සංචාරකයින්ට සහ දිගු කාලීන පදිංචිකරුවන්ට නීත්‍යානුකූලව ඇතුළු වී රැඳී සිටිය හැකි කොන්දේසි සඳහා අවස්තාව හිමිවනු ඇති.

මේ පිළිබද අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ ආකාරයෙන් ප්‍රකාශ කළා. “If you want to live in the uk, you should speak English ”

World News

Send your contact Details Today