Latest News

තායිවානයේ හිටපු ජනාධිපතිනියට බ්‍රිතාන්‍යයෙන් ආරාධනයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිවානයේ හිටපු ජනාධිපතිනි, සායි ඉන්ග්-වෙන් බ්‍රිතාන්‍ය දේශපාලනඥයන්ගේ ආරාධනයෙන් මේ සතියේ බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිතයි.

ඇයගේ සංචාරය සිදු වන්නේ ලන්ඩනය බීජිං සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට උත්සාහ කරන අතර චීනය විසින් තායිවානය රාජ්‍ය තාන්ත්‍රිකව හුදකලා කිරීමේ උත්සාහයන් වේගවත් කරන පසුබිමකයි.

බොහෝ රටවල් මෙන් බ්‍රිතාන්‍යය ද තායිවානය සමඟ නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගෙන නැහැ.

නමුත් ප්‍රජාතන්ත්‍රවාදී දිවයිනේ ස්වෛරීභාවය ප්‍රතික්ෂේප කරමින් එය චීනයේ කොටසක් කර ගැනීම සඳහා බීජිනය සිය මිලිටරි බලපෑම වැඩිකරමින් සිටින පසුබිමක බ්‍රිතාන්‍යය සහ තායිවානය සහ බ්‍රිතාන්‍යය අතර ආර්ථික හා දේශපාලන හුවමාරු වැඩි වී තිබෙනවා.

පසුගිය වසරේ මැයි මාසයේදී ඉල්ලා අස්වූ සායි, චීනයේ මිලිටරි තර්ජනවලට එරෙහිව තායිවානයේ විරෝධයේ සංකේතයක් බවට පත්ව සිටිනවා.

ඇය දැන් ලිතුවේනියාවේ සිටින අතර මෙම සතියේ අගභාගයේ දී ඩෙන්මාර්කයට සහ පසුව බ්‍රිතාන්‍යයට යන බව ඇගේ කාර්යාලය පැවසුවා.

World News

Send your contact Details Today