Latest News

ට්‍රම්ප් සහ සෞදි ජනපති අතර හමුවේදී සිදුවුණ දේවල් මෙන්න

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සෞදි සංචාරයේදී ඩොලර් බිලියන 142ක අවි ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.

කෙසේ වෙතත් සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කිරීමට ට්‍රම්ප් මෙහිදී ප්‍රතිඥා දුන්නා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු ප්‍රධාන විදේශ සංචාරයේදී තම රටට සෞදි අරාබියට තරම් වෙනත් ශක්තිමත් සහකරුවෙකු නොමැති බව පවසා තිබෙනවා.

මෙම සංචාරයේ අරමුණ ආයෝජන ශක්තිමත් කිරීම බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

රියාද් හිදී අමරිකා ජනාධිපතිවරයා පවසා ඇත්තේ සිරියාවට එරෙහි සියලු සම්බාධක ඉවත් කිරීමට ප්‍රතිඥා දෙන බවයි.

ශ්‍රේෂ්ඨත්වයේ අවස්ථාවක් සමඟ ඉදිරියට යාමට දැන් කාලය පැමිණ ඇති බව ඔහු පවසා තිබෙනවා.

සිය සංචාරයේ පළමු දිනයේ දීම අමරිකාව හා සෞදි අරාබිය ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවකට අත්සන් තැබුවා.

ට්‍රම්ප් කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද ඉදිරි දිනවලදී සංචාරය කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today