සමස්ත ගාසා ජන ගහනය සාගතයකට මුහුණදීමේ දැඩි අවදානමකට ලක්ව සිටින බව ජගත් සංවිධානය පවසනවා.
ගාසා තීරයේ වාසය කෙරෙන මිලියන දෙකකට අධික පලස්තීන වැසියන් සංඛ්‍යාවක් ආහාර අධි අනාරක්ෂිතතාවයකට මුහුණදී සිටින බවටයි ජගත් සංවිධානය අනතුරු අඟවන්නේ.
ගාසා තීරයට මානුෂිය ආධාර ලබාදිම ඊශ්‍රායලය අවහිර කිරීමත් සමග මේ වන විට ගාසා තීරය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
පසුගිය මාස දෙකක කාලයක් සටන් විරාමය තුළින් තත්ත්වය යම්තාක් දුරකට පාලනය වුවද මේ වන විට යළිත් වරක් ජනතාව දැඩි අපහුසතාවයකට මුහුණ දී සිටින බවයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.
දෙලක්ෂ හතලිස්දහසකට අධික සංඛ්‍යාවකට දෛනිකව ආහාර නොලැබෙන බව ද ඔවුන් පවසනවා.
ගාසා තීරයට මානුෂිය ආධාර ලබාදීම අවහිර කර දැනට දින 70ක් ගතවී ඇති අතර ඒ හේතුවෙන් ඊශ්‍රායලය ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයට ලක්ව සිටිනවා.