Latest News

ශ්‍රී ලංකාවේ දුර ගමන් සේවා බස් රථ විශේෂ පරික්ෂාවකට

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අනතුරු වැඩිවීම සැලකිල්ලට ගෙන රාත්‍රී කාලයේදී දුරගමන් බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

එහිදී බීමතින් රිය ධාවනය කරන රියදුරන්, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ.

තෝරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරීන් කණ්ඩායම් යොදවා දුරගමන් බස් රථ පරික්ෂාවට ලක් කිරීමත් යතුරුපැදි සංචාරක ඒකකවල නිලධාරීන් මඟින්ද මෙම බස් රථ පරික්ෂා කරවීමට සැලසුම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්…

World News

Send your contact Details Today