සිරියාවට පනවා ඇති සියලුම සම්බාධක ඉවත් කරන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
විදෙස් සංචාරයක් සඳහා සෞදි අරාබිය වෙත පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ඒ අනුව හිටපු ජනාධිපති බෂාර් අල් – අසාද්ගේ පාලන සමයේදී සිරියාවට එරෙහිව පනවන ලද එක්සත් ජනපද සම්බාධක නුදුරේදීම ඉවත් කෙරෙනු ඇති.