Latest News

ගැරඬිඇල්ල අනතුරේ බස් රථය ගැන මූලික විමර්ශනවලින් හෙළි වූ දේ මෙන්න – මියගිය පිරිස තවත් ඉහළට

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදු වූවක් නොවන බවට සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්ම වූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැක පළ කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා මේ වනවිට පුළුල් විමර්ශන සිදු කෙරෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

ඉන් අනතුරුව අනතුරට හේතු වූ නිශ්චිත කරුණු අනාවරණය වනු ඇති බව ජාලිය බන්ඩාර මහතා සඳහන් කළා.

එමෙන්ම මෙම අතතුර පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම කමිටුව සඳහා තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළත් බවයි පොලීසිය පැවසුවේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි මෙම කමිටුව පත්කර තිබෙනවා.

මෙම බස් රථ අනතුරට හේතු පාදක වූ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මෙම කමිටුව පත් කර තිබෙන බවයි පො ලීසිය නිවේදනය කළේ.

එමෙනම් අදාළ කමිටුව මගින් අනතුරට හේතු වූ කරුණු සම්බන්ධයෙන් මූලික පැතිකඩයන් කිහිපයක් ආවරණය වන පරිදි විමර්ශන සිදු කිරීමට නියමිත අතර ඉදිරියේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා විසින් දන්වා තිබෙනවා.

මේ අතර කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටියදී අද (13) දිනයේදී ජිවිතක්ෂයට පත් වී තිබෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඒ අනුව එම අනතුරින් මියගිය ගණන අද දිනය වන විට 23 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today