කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නැගෙනහිර කලාපයට බලපෑ අධික වර්ෂාවත් සමඟ හටගත් දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී, තවත් 50කට ආසන්න පිරිසක් අතුරුදන් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අඛණ්ඩව ඇද වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් එම කලාපයේ නිවාස 200කට ආසන්න ප්‍රමාණයක් ද විනාශ වී තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
විපතට පත්වූවන් වැඩි දෙනකු දරුවන් හා වැඩිහිටියන් බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ගම්මාන රැසක අවතැන් වූ ජනතාව මුදා ගැනීමට ආපදා කළමනාකරණ කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා.
දකුණු කිවූ පළාතේ පිහිටි කසාබා ගංගාව පිටාරා ගැලීමත් සමඟ එහි ඉවුරු කැඩි බිඳී යෑමෙන් ගංවතුර තත්ත්වය දරුණු අතට හැරී ඇති අතර, අවට ගම්මාන රැසක් පැය කිහිපයක් ඇතුළත ජලයෙන් යටවූ බවයි වාර්තා වන්නේ.