Latest News

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලොක්කන්ගේ මාසික තෙල් කෝටාව සංශෝධනයට

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220ක් වන අතර එය අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය වනවා.

මේ දක්වා මහලේකම්වරියට සීමාවකින් තොරව ඉන්ධන සැපයීම සිදු කෙරුණා.

මෙයට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද මාසයකට ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර තිබෙනවා.

සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද, මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට හිමි වන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ සඳහන්.

පසුගිය 7 දාතමින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව එම ඉන්ධන සීමා පසුගිය 2 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු ප්‍රධානීන් අසීමිතව ඉන්ධන පාවිච්චි කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔවුන්ට මාසිකව සැපයෙන ඉන්ධන ප්‍රමාණ අඩු කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභා රැස්වීමේදී පසුගියදා තීරණය කෙරුණා.

World News

Send your contact Details Today