Latest News

පුටින්ගේ ආරාධනයට, සෙලෙන්ස්කිගෙන් කොළ එලියක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියානු, යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි විස‍ඳුමකට යෑමට බලාපොරොත්තු වන බවත් යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධාරණය කර තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කී මෙසේ අවධාරණය කළේ, යුක්‍රේන ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමුවී, රුසියානු, යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් සෘජු සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

‘රුසියන් ජනාධිපතිවරයා තුර්කියේ දී මුහුණට මුහුණ හමුවන්න මා සූදානමින් සිටිනවා. සටන් විරාමයකට යෑමටත්, සාම වැඩපිළිවෙළකට යෑමටත් මා සූදානම්.’ යැයි ජනාධිපති සෙලෙන්ස්කී පැහැදිලි කර තිබෙනවා.

තුර්කිය නේටෝ රාජ්‍යයක් වන අතර, රුසියාව සමඟත්, යුක්‍රේනය සමඟත් සමීපව කටයුතු කරනවා.

World News

Send your contact Details Today