Latest News

ලෝක නායකයන්ගෙන් පාප් වහන්සේ කළ ඉල්ලීම

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනයේ සාධාරණ හා කල් පවතින සාමයක් අපේක්ශා කරන බව XIV වන ලියෝ පාප් වහන්සේ පවසනවා.

ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඇති කර, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර, මානුෂීය ආධාර ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි ආශිර්වාද ලබා දීමේ පූජාවට එක්වෙමින් පාප්වහන්සේ සදහන් කළේ.

නැවත කිසිදා යුද්ධය නොකරන ලෙස ද ශාන්ත පීතර බැසිලිකාවේ සිට පාප්වහන්සේ ලෝක නායකයන්ගෙන් ඉල්ලිම් කළා.

ගාසා තීරයේ සිදුවීම් ගැන තමා අතිශයින්ම කණගාටුවට පත් වන බවත් ඊශ්‍රායල-හමාස් යුද්ධයේ සටන් විරාමයක් ඉල්ලා සිටි බවත් පවසා සිටි පාප් වහන්සේ ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති වූ සටන් විරාමය ද අගය කර සිටියා.

ලෝකයට සාමයේ ආශ්චර්යය ලබා දෙන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරන බවයි එම අවස්ථාවේදී පාප් වහන්සේ සදහන් කළේ.

එමෙන්ම බොහෝ රටවල ඊයේ මව්වරුන්ගේ දිනය බව සඳහන් කළ පාප් වහන්සේ කියා සිටියේ ස්වර්ගයේ සිටින අය ඇතුළුව සියලුම මව්වරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් ප්‍රාර්ථනා කරන බවයි.

World News

Send your contact Details Today