Latest News

වෙසක් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත රැඳවියන්ට ලැබුණු සහනය

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත රැඳවියන් 388 දෙනෙකුට අද (12) දිනයේ විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන්.

මෙහිදී කාන්තා රැඳවියන් 04ක් සහ පිරිමි රැදවියන් 384 දෙනෙකුට නිදහස හිමිවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා මැයි මස 12 සහ 13 දිනවල අවස්ථාව සලසා දෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසුවේ.

එම දින දෙක තුළ පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ එම අවස්ථාව හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today