Latest News

ඉන්දු – පාකිස්තාන සටනට ට්‍රප්ම් නිසා විරාමයක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව සහ පාකිස්ථානය, පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වූ බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු සඳහන් කළේ, අමෙරිකාවේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බවයි.

ඉන්දියාව සමග සටන් විරාමයකට එකඟ වූ බව, පාකිස්ථාන උප අගමැති ඉෂාක් ඩර් ද, නිවේදනය කළා.

ඔහු සඳහන් කළේ, පාකිස්ථාන සෑම විටම කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කටයුතු කරන බවයි.

ඉන්දියාව සහ පාකිස්ථාන අතර විරසයක යළි අලුත් වුණේ, පසුගිය අප්‍රේල් 22 වැනිදා ජම්මු – කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයින් 26 දෙනෙකු මියයෑමත් සමගයි.

World News

Send your contact Details Today