Latest News

Paris 2024 Olympics: කියුබාවේ මිජායින් ලෝපෙස් නුනෙස් ඉතිහාසගත වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවැති රෙස්ලින් තරගයේදී කියුබාවේ මිජායින් ලෝපෙස් නුනෙස් අවසන් තරගයේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කිරීමත් සමග ඉතිහාසගතව තිබෙනවා.

ඒ, ඔලිම්පික් ඉතිහාසයේ එකම ඉසව්වකින් රන් පදක්කම් පහක් ලබාගත් පළමු මලල ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ඒ අනුව, 2008 – බීජිං, 2012 – ලන්ඩන්, 2016 – රියෝ ද ජැනයිරෝ, 2020 – ටෝකියෝ සහ 2024 – පැරිස් ඔලිම්පික් උළෙලවල මෙසේ රන් පදක්කම් දිනා තිබෙනවා.

දශක දෙකකට ආසන්න කාලයක් ක්‍රීඩාවේ ප්‍රමුඛ චරිතයක් වූ 41 හැවිරිදි ඔහු, ඔහුගේ ඔලිම්පික් ක්‍රීඩා දිවියෙන් සමු ගන්නා බව ප්‍රකාශ කිරීමට සිය සපත්තු යුගල වළල්ල තුළ තබා තිබෙනවා.

World News

Send your contact Details Today