Latest News

ඉන්දියාවෙන්, පාකිස්තාන හමුදාව ඉලක්ක කරමින් ප්‍රහාරයක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (10) අලුයම ඉන්දියාව විසින් පාකිස්තාන හමුදාව ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පාකිස්තාන හමුදාව ප්‍රකාශ කළේ රාවල්පිණ්ඩි හි නූර් ඛාන් හමුදා කඳවුර, චක්වාල් හි මුරිඩ් ගුවන් කඳවුර සහ ෂෝර්කෝට් හි රෆිකි ගුවන් කඳවුර ඇතුළු පාකිස්තානයේ ප්‍රධාන ගුවන් හමුදා කඳවුරු තුනකට ඉන්දියාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.

මේ අතර ඉන්දියාව පැවසුවේ ඊයේ ජාත්‍යන්තර දේශසීමා සහ පාලන රේඛාව හරහා පාකිස්තාන ඩ්‍රෝන් 26ක් නිරීක්ෂණය කළ බවයි .

මෙම ඩ්‍රෝන යානා කිහිපයක්ම සන්නද්ධ ඩ්‍රෝන යානා බවත්, සිවිල් සහ හමුදා ඉලක්ක වෙත එල්ල කළ ඒවා බවටත් සැකකරන බව ඉන්දියාව පවසනවා.

World News

Send your contact Details Today