Latest News

ඉන්දියාවේ ගුවන් තොටුපොළ 24ක් හදිසියේම වසා දැමේ – නැවත විවෘත කරන දින ගැනත් දැනුම්දීමක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩ්‍රෝන යානා භාවිත කරමින් උතුරු ඉන්දියාවේ නගර කිහිපයකට පහර දීමට පාකිස්ථානය උත්සාහ කිරීමෙන් පසු ඉන්දියාවේ රට පුරා ගුවන් තොටුපොළ 24ක් වසා දැමීම පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව මැයි 15 වන දින දක්වා එම ගුවන් තොටුපොළවල වසා දැමීමටයි ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රීනගර්, අම්රිට්සාර්, ලුධියානා, භුන්තාර්, කිෂෙන්ගාර්, පටියාලා, සිම්ලා, කන්ග්‍රා-ගග්ගල්, බතින්ද, ජයිසල්මර්, ජෝද්පූර්, බිකනර්, හල්වාරා, පතන්කොට්, ජම්මු, ලෙහ්, මුන්ද්‍රා, ජම්නගර්, හිරාසා (රාජ්කොට්), පෝර්බන්ඩර්, කේෂෝඩ්, කන්ඩ්ලා, බුජ් යන ගුවන්තොටුපොළවල මෙලෙස වසා දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම තීරණයත් සමඟ අදාළ කාලසීමාව තුළ ගුවන් ගමන් වෙනුවෙන් ගුවන් ටිකට්පත් මිලදීගෙන තිබූ ගුවන් මගීන් වෙනුවෙන් අවලංගු කිරීම් සඳහා සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමට ඉන්දීය ගුවන් සමාගම් තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය 07 සහ 08 දිනවල රාත්‍රියේ උතුරු සහ බටහිර ඉන්දියාව පුරා ඉන්දියානු හමුදා ස්ථාන කිහිපයකට මහා පරිමාණ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පාකිස්ථානය දැරූ උත්සාහයන් ඉන්දීය සන්නද්ධ හමුදා සාර්ථකව මැඬ පැවැත් වූ බවයි.

World News

Send your contact Details Today