Latest News

ලංකාවේ විදුලිබිල සංශෝධනය ගැන PUCSL කියන කතාව

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ජුනි, ජුලි මාසය තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් ඊට අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවයි.

මේ අතර විදුලි බිල සංශෝධනය කිරීම පිළිබඳ පාර්ලිම්නේතුවේදී ද අද අදහස පළ වුණා.

එහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසුවේ විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් රජය අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

World News

Send your contact Details Today