බුදුන් වහන්සේගේ භෂ්මාවශේෂ අසළ තැන්පත් කර තිබූ පෞරාණික ආභරණ තොගයක් වෙන්දේසි කිරීම තාවකාලිකව කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ලොව සුපතල වෙන්දේසි ආයතනයක් වන සොදබීස් ආයතනය විසින් මෙම වෙන්දේසිය අද දිනයේදී හොංකොං හිදී සිදු කිරීමටයි නියමිතව තිබුණේ.
එහෙත් මෙම වෙන්දේසිය නතර නොකළහොත් අදාළ ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඉන්දීය රජය දැනුම් දී තිබුණා.
බුදුන් වහන්සේ උපන් ස්ථානය ලෙස සැලකෙන උත්තර් ප්‍රදේශ් හී පිප්‍රහ්වා නම් ස්තූපයකින් 1898 වසරේදී මෙම පෞරාණික වස්තූන් හමුවූ අතර, මැණික් 1,800කට ආසන්න සංඛ්‍යාවක් එම පෞරාණික වස්තූන් අතරට අයත්.
වසර 2000කට වඩා පැරණි මෙම පෞරාණික වස්තූන් වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් ලොව පුරා බෞද්ධ නායකයින්ගේ සහ භික්ෂූන් වහන්සේගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්.