Latest News

බුදුන්ගේ දේහය සමඟ තැන්පත් කළ පුරාවස්තු වෙන්දේසියට එරෙහිව මෝදි රතු එළි දල්වයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බුදුන් වහන්සේගේ දේහය සමඟ තැන්පත් කරනු ලැබ තිබූ මැණික් සහ ස්වර්ණාභරණ වෙන්දේසිය නතර කර, එම පුරාවස්තු වහා නැවත ඉන්දියාවට ලබා දෙන ලෙස ඉන්දීය මධ්‍යම රජය හොංකොං හි සොතෙබිස් ආයතනයට දැනුම් දී තිබෙනවා.

එම කෞකුක වස්තු නැවත ලබා නොදුනහොත් සොතෙබිස් සමාගම එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඉන්දීය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී ඇත්තේ.

අදාළ මැණික් සහ ස්වර්ණාභරණ වෙන්දේසිය අද (07) පැවැත්වීමට හොංකොංහි සොතෙබිස් සමාගම කටයුතු සංවිධානය කර ඇති අතර, එම වෙන්දේසිය මඟින් හොංකොං ඩොලර් මිලියන 100 ක් උපයා ගැනීමට ඔවුන් අපේක්ෂා කරනවා.

වෙන්දේසිය පිළිබඳ තොරතුරු ප්‍රචාරය වීමත් සමගම ලෝකය පුරා බෞද්ධයින්ගේන් සහ පුරා විද්‍යාඥයින්ගෙන් ඒ් පිළිබඳ විරෝධය සහ අප්‍රසාදය පළ වී ඇති අතර සොතෙබිස් සමාගම සඳහන් කර ඇත්තේ මෙම මැණික් සහ ස්වර්ණාභරණ මේ වන විට ඔවුන්ගේ චංචල දේපළ බවයි.

මෙම වෙන්දේසිය ඉන්දියානු සහ ජාත්‍යන්තර නීති මෙන්ම එක්සත් ජාතීන්ගේ සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බව අවධාරණය කර ඇති ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය, මෙම ස්වර්ණාභරණ පූජනීය ඉන්දියානු උරුමයක් බව ද අවධාරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දියාව සතු සම්භාව්‍ය පුරා විද්‍යාත්මක උරුමයක් මෙන්ම පූජනීය බෞද්ධ උරුමයක් මෙසේ වෙන්දේසියේ විකිණිම සම්බන්ධයෙන් ලොව පුරා බෞද්ධයින්ගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

මෙම මැණික් සහ ස්වර්ණාභරණවල වත්මන් භාරකරුවන් ලෙස පෙනී සිටින කිසිවෙකුට මනුෂ්‍යත්වයේ අසාමාන්‍ය උරුමයක් මෙසේ හෑල්ලුවට ලක් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි ඉන්දීය රජය අවධාරණය කර ඇත්තේ.

World News

Send your contact Details Today