Latest News

පාකිස්තානයට ජල හිඟයක අවදානමක්

Published 12 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයට ජල හිඟයක අනතුරක් එල්ල වී තිබෙනවා.

ඒ ඉන්දූස් ජල ගිවිසුම අත්හිටුවීමට ඉන්දියාව තීරණය කිරීම හේතුවෙන්.

ඉන්දුස් ගංගා පද්ධති අධිකාරියේ උපදේශක මණ්ඩලය පෙන්වා දෙන්නේ ඉන්දියාව සැපයුම් අඩාල කිරීම හේතුවෙන් චෙනබ් ගංගාවේ ජල ධාරිතාව ක්ෂණිකව පහළ යෑමෙන් පාකිස්තානයට සියයට 21 පමණ ජල හිඟයකට මුහුණ දීමට සිදු වනු ඇති බවයි.

ඉස්ලාමාබාද් හි දී උපදේශක මණ්ඩලය රැස්වූයේ මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ජල කළමනාකරණය සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමටයි.

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඒකපාර්ශ්විකව ඉන්දුස් ගිවිසුමෙන් ඉවත් වන බව නිවේදනය කළා.

ලෝක බැංකුවේ මැදිහත් වීමෙන් 1960 දී අත්සන් තැබුණු මෙම ගිවිසුමෙන් නැගෙනහිර ගංගා ඉන්දියාවටත් බටහිර ගංගාවල ජල අයිතිය පාකිස්තානයටත් හිමි වුණා.

World News

Send your contact Details Today