Latest News

තායිලන්තයට එන විදේශීය සංචාරකයින්ට නව නීති

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තයට එන විදේශීය සංචාරකයින්ට නව නීති හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මැයි පළමු වනදා සිට නව නීති රීති යටතේ සියලුම විදේශීය සංචාරකයින්ට තායිලන්තයට පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා ඩිජිටල් පැමිණීමේ කාඩ්පතක් සම්පූර්ණ කළ යුතු වනවා.

තායිලන්තයට පැමිණීමට දින 3 කට පෙර මෙම කාඩ්පත සඳහා ලියාපදිංචි විය යුතුයි.

තායිලන්ත ඩිජිටල් පැමිණීමේ කාඩ්පත මගින් විදේශීකයාගේ පෞද්ගලික තොරතුරු මෙන්ම ඔවුන් රැදී සිටින කාලය සහ නවාතැන් පිළිබඳ විස්තර ලබාදිය යුතුයි.

මෙමඟින් තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය ඉහළ යනු ඇති බවයි තායිලන්ත බලධාරීන් අපේක්ෂා කරන්නේ.

2024 වසරේදී තායිලන්තයට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියන 35 ක් වන අතර මෙම වසරේ මිලියන 40 ක ඉලක්කයක් කරා ගමන් කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

බ්‍රිතාන්‍ය සංචාරකයින්ට දැනට වීසා නොමැතිව දින 60 ක් දක්වා තායිලන්තයේ සංචාරය කළ හැකි වුවද, එය දින 30 ක් දක්වා අඩු කිරීමට තායිලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.

World News

Send your contact Details Today