Latest News

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයකයට බ්‍රිතාන්‍යයෙන් සීමා

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඇතුළු රටවල් කීපයකින් බ්‍රිතාන්‍යයට ලැබෙන අධ්‍යාපන වීසා බලපත්‍ර අයැදුම්පත් සළකා බැලීම සීමා කිරීමට සැලසුම්කර තිබෙන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඒ අනුව අධ්‍යාපනය ලබන අතරතුර රැකියාවක් කිරීමට වීසා බලපත්‍රයක් රැගෙන බ්‍රිතාන්‍යයට පැමිණ වීසා කාලය ඉකුත් වූ පසු රටින් පිටව නොගොස් සරණාගතභාවය සඳහා අයැදුම් කිරීම වැඩි වශයෙන් වාර්තාවන රටවල් කීපයක වීසා අයැදුම්පත්‍ර පිළිගැනීම සීමා කිරීමටයි මෙලෙස බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර කර ඇත්තේ.

සරණාගතභාවය ලැබුණහොත් ජීවිතකාලයටම බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමට එම ඉල්ලුම්කරුට හැකියාව ලැබෙන බවත් එහෙයින් සරණාගතභාවය ඉල්ලන පිරිස සීමා කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබෙන බවත් එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙනවා.

World News

Send your contact Details Today