ශ්රී ලංකාව නියෝජනය කරමින් මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගී වූ අරුණ දර්ශනට ඔහු ලබාගත් ස්ථානය අහිමි වී තිබෙනවා.
ඒ තම සීමාවෙන් පිටත ධාවනය කිරීම (TR17.2.3) හේතුවෙන්.
ඒ අනුව ඔහු වාර්තා කළ හොඳම පෞද්ගලික කාලය ද අහිමිව ඇති අතර ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මළල ක්රීඩා තරගාවලියද අහිමි වනවා.
ප්රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 33 වැනි ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේ දෙවන තරගයට සහභාගී වූ අරුණ දර්ශන එහි පස්වන ස්ථානය ලබා ගැනීමට සමත් වුණා.
ඒ තත්ත්පර 44.75 ක කාලයකින් තරගය නිම කරමින්.
මෙහි පළමු ස්ථානයට පත් වූයේ ග්රෙනේඩියාව නියෝජනය කළ Kirani James විසින්. ඔහු තරගය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 43.78 ක්.
කෙසේ වෙතත් මෙය අරුණ දර්ශනගේ මීටර 400 ඉසව්වේ හොඳම කාලය බව සඳහන්.