Latest News

ඉන්දිය හිටපු පන්දු රැකීමේ පුහුණුකරු ලංකාවේ කරන්න යන දේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණු කරු ආර. ශ්‍රීධාර් මහතා ශ්‍රී ලංකාවේ ක්‍රික් ක්‍රීඩකයන් වෙනුවෙන් දින දහයක පුහුණු සැසියක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

හෙට (07දා) මෙම පුහුණු සැසිය ආරම්භ කිරීමට නියමිතයි.

ඒ හරහා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ දක්ෂතා වර්ධනය කිරීමට අපේක්ෂා කරනවා.

ජාතික ක්‍රිකට් සංචිතය, නැගී එන සංචිතය, පළමු පෙළ ක්‍රිඩකයන් හා ජාතික අවුරුදු 19න් පහළ සංචිතය හා කාන්තා A කණ්ඩායම යන කණ්ඩායම් වෙනුවෙන් මෙම පුහුණු කඳවුරු පැවැත්වෙනවා.

එසේම ජාතික පුහුණුකරුවන්, උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් හා ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් සමග සමිපව කටයුතු කරමින් ඔහු ‍මෙම පුහුණු සැසි පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today