Latest News

අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (05) රාත්‍රියේදී සහ හෙට (06) අළුයම ශ්‍රී ලංකාවේ උල්කාපාත වර්ෂාවක් දැකගත හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව අළුයම 1:00 සිට අළුයම 5:00 දක්වා දැකගත හැකි බවයි ඔහු සඳහන් කළේ.

මෙය හොඳින්ම දැකගත හැක්කේ අළුයම 4:00ත් 5:00ත් අතර කාලයේදී කුම්භ තාරකා මණ්ඩලය ආශ්‍රිතවයි.

ඒ අනුව පැයකට උල්කාපාත 50ක් පමණ දැකගත හැකි බව ද තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර සඳහන් කළා.

හැලිගේ ධූමකේතුව ගමන් කළ මාර්ගය ඔස්සේ පෘතුවිය ගමන් කිරීම හරහා එම ධූමකේතුවෙන් ඉවත්ව ගිය පදාර්ථයන් පෘතුවියේ වායුගෝලය සමඟ අන්තර්ක්‍රියා සිදුවීමෙන් මෙම උල්කාපාත වර්ෂාව ඇතිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

World News

Send your contact Details Today