Latest News

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය නම රැන්ඳූ “නයිට්ස්” යළි මව් රටට එයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ පැවති බැට්ල් ඔෆ් ද බෑන්ඩ් ජාත්‍යන්තර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ “නයිට්ස්” සංගීත කණ්ඩායම අනු ශුරතාව දිනාගත්තා.

ඔවුන් අද (05) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණියා.

ඉන්දියාවේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය සහ එරට සරිගම සංගීත ආයතනය එක්වයි මෙම තරගාවලිය පළමුවරට සංවිධාන කළේ.

ලෝකයේ රටවල් 12ක සංගීත කණ්ඩායම් 12ක් මේ සඳහා සහභාගි වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒ සඳහා සහභාගි වූ කණ්ඩායමට තරිදු නිර්මාණ, දනිදු පෙරේරා, රුක්ෂාන් සිල්වා, කවිශ්ක අශාන් සහ ගීසර විජේකෝන් ඇතුළත්.

තරගාවලියේ අනුශුරතාව දිනාගත් ඔවුන් යළි දිවයිනට පැමිණි අතර එම කණ්ඩායම පිළිගැනීම සඳහා ගායන ශිල්පීන් ඇතුළු පිරිසක් එක්වුණා.

World News

Send your contact Details Today