Latest News

රියාන් පරාග්ගෙන් IPL තරගාවලියේ දී ඓතිහාසික වාර්තාවක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක රියාන් පරාග්, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී පිට පිට හයේ පහර 06ක් එල්ල කළ පළමු පිතිකරුවා බවට පත්වෙමින් ඉතිහාසයට එක් වුණා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගයේ දී පරාග් මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

මෙම තරගයේ දී පන්දු 45ක් තුළ ලකුණු 95ක් රැස් කළ පරාග්, පන්දුවාර දෙකක දී මෙම හයේ පහර 06 පිට පිට එල්ල කළා.

මොයින් අලී යැවූ, රාජස්ථාන් ඉනිමේ 13 වන පන්දු වාරයේ දී පිට පිට හයේ පහර 05ක් එල්ල කිරීමට පරාග් සමත් වූ අතර, වරුන් චක්‍රවර්ති යැවූ ඉනිමේ 14 වන පන්දුවරයේ දෙවන පන්දුවට ද දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ඔහු මෙම හයේ පහර 06 සම්පූර්ණ කළා.

World News

Send your contact Details Today