ඊයේ (04) දිනයේදී රියෝ ද ජැනයිරෝ හි පැවති Lady Gaga සංගීත ප්‍රසංගයට එල්ල වීමට තිබූ මාරාන්තික බෝම්බ ප්‍රහාරය සාර්ථකව ව්‍යර්ථ කිරීමට බ්‍රසීල පොලිසිය සමත්ව තිබෙනවා.
ඒ අනුව ප්‍රහාරය සැලසුම් කළ කණ්ඩායමේ නායකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රියෝ ද ජැනයිරෝ හි කොපකබානා වෙරළට මිලියන 2.1 කට අධික ජනතාවක් මෙම ඓතිහාසික නිදහස් ප්‍රසංගයට සහභාගී වීමට පැමිණ තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
සැකකරුවන්, “සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ” අරමුණින් “ඉන්වොයිස් පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
සැකකරුවන් ප්‍රහාරයක් සැලසුම් කරන බව “පැහැදිලිවම” ප්‍රකාශ කර ඇති බැවින්, ඔවුන් බ්‍රසීලයේ LGBTQ ප්‍රජාව ඉලක්ක කර ගැනීමට උත්සාහ කළ බවට බලධාරීන් විශ්වාස කරන බවයි රියෝ පොලිසියේ ලේකම් ෆෙලිපේ කියුරි පැවසුවේ.