Latest News

ඇදුම රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇදුම රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පවසන්නේ ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකගෙන් පුද්ගලයින් 3,340 දෙනෙකුට ඇදුම රෝගය පවතින බවයි.

ලෝකයේ යෞවන වියේ තරුණ තරුණියන් අතර මෙම රෝගය බහුලව දක්නට ලැබෙන බව ඇය පෙන්වා දෙනවා.

ලබන මැයි 6 වන දිනට යෙදෙන ලෝක ඇදුම දිනය වෙනුවෙන් පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී වෛද්‍ය සමරනායක මහත්මිය මේ බව පැවසුවා.

“ඉන්හේලර්” ප්‍රතිකාරය භාවිතයෙන් ඇදුම රෝගය අතුරු ආබාධවලින් තොරව ඵලදායී ලෙස පාලනය කළ හැකි බවයි එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පතාදු මහත්මිය පැවසුවේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය දල්පතාදු මහත්මිය සඳහන් කළේ, මෙරට ඇදුම රෝගයෙන් පෙළෙන නමුත් එය හඳුනාගෙන නොමැති රෝගීන් විශාල පිරිසක් සිටින බවයි.

World News

Send your contact Details Today